මාළු ගණන් උස්සයි

Sunday, 26 April 2015 - 19:36

%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92
වෙළඳපළට මාළු ලැබීමේ අඩුවීමක් හේතුවෙන් මේ දිනවල මාළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළ සඳහන් කළේ යාපනය සහ දකුණු පළාත්වලින් මත්ස්‍ය අස්වැන්න ලැබීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

මේ හේතුව නිසා තෝරා කිලෝග්‍රෑමයක් රුපියල් 750ක්, කෙලවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 550ත්, 600ත් අතර මිලකට අලෙවි වනවා. මීට අමතරව ලොකු ඉස්සා කිලෝග්‍රෑමයක් රුපියල් දහසත්, 1250ත් අතර මිලකට මේ දිනවල අලෙවි වන බවයි පෑලියගොඩ මත්ස්‍ය වෙළදපළ සදහන් කළේ. එමෙන්ම බලයා, සාලයා, හුරුල්ලා වැනි මත්ස්‍ය මිල ගණන් ද සීග්‍ර ලෙස ඉහල ගොස් තිබෙනවා.