කොටස් වෙළඳපළ ඉහළට

Saturday, 23 May 2015 - 9:23

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%85+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපළේ මිල දර්ශක ඊයේ දිනයේ වර්ධනයක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය ඒකක 15කින් ඉහළ ගොස් 7288.74ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 4067ක් ලෙසයි. කොළඹ කොටස් වෙළදපළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 905ක්. විශේෂයෙන් කර්මාන්ත අංශයේ සමාගම් කොටස්වල මිල ගණන් ඉහළ යාමක් ඊයේ දක්නට ලැබුණු බවයි කොටස් වෙළදපළ විශ්ලේෂකයන් සදහන් කළේ.