ආර්ථික සංවාදය ජූලි මාසයේදී

Saturday, 23 May 2015 - 13:50

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සංවාදය මේ වසරේ ජූලි මාසයේදී ඉන්දියාවේ කොචි නුවර දී පැවැත්වෙනවා. මෙම ආර්ථික සංවාදය සැලසුම් කෙරුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා චාරිකාවෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මෙන්ම කර්මාන්ත ප්‍රවර්ධනය පිළිබඳ කේරළ කාර්යාංශය එය සංවිධාන කිරීමට එක්වනවා. දෙපාර්ශවයේ කර්මාන්තකරුවන් අතර ඍජු සබඳතාවක් ඇති කිරීම මෙම ආර්ථික සංවාදයේදී සිදුවනු ඇති. ශ්‍රී ලංකාව සහ කේරළය අතර ආර්ථික සබඳතා පසුගිය කාලය තුළ පුළුල් වූ අතර, ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයන් සමඟ තමිල්නාඩු වාණිජ මණ්ඩලය ද විශේෂ හමුවකට එක්වීමට නියමිතයි.