සංචිත ශක්තිමත් වෙයි

Tuesday, 26 May 2015 - 20:25

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රටේ නිල සංචිත මේ වනවිට ශක්තිමත් වී ඇති බව මහ බැංකුව පවසනවා. ඉන්දියාව සමඟ මෑතකදී අත්සන් කළ ඇමරිකානු ඩොලර් මිලියන 400 ක විදේශ විනිමය හුවමාරු ගිවිසුම ඊට හේතුවී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ. සංචාරක අංශයේ සහ විදේශ සේවා අංශයේ ඉදිරි කාලීන ලැබීම් ශක්තිමත් වූ විට තවදුරටත් නිල සංචිත ප්‍රමාණය ඉහළ යනු ඇති බවට මහ බැංකුව විශ්වාසය පළ කරනවා. කෙසේ වෙතත් වසරේ මේ දක්වා කාලය  තුළ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2 කින් අවප්‍රමාණය වී තිබෙනවා.