ඉන්දියානු සංචාරකයින්ගේ ප්‍රවර්ධනයට අලූත් වැඩක්

Monday, 27 July 2015 - 20:01

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉදිරි තුන් වසර තුළ දෙගුණයකින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සැලසුම් කරනවා. පසුගිය වසරේදී මෙරටට පැමිණි මිලියන 1.5ක් වූ විදේශ සංචාරකයන් අතුරෙන් සියයට 20ක් එනම්, දෙලක්ෂ 74,000ක් ඉන්දියානුවන්. එම සංඛ්‍යාව නුදුරේදීම මිලියන 2.5 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් ද සිල්වා ප්‍රකාශ කළේ හයිද්‍රාබාද් නුවර පැවැත්වෙන ඉන්දීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින්. විශේෂයෙන් විවාහ මංගල උත්සව, සුඛෝපභෝගී සංචාර, ව්‍යාපාරික කටයුතු සහ රැස්වීම්, වෙරළ ක්‍රීඩා ආදිය මගින් ඉන්දීය සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට කටයුතු කෙරෙනු ඇති. මේ වසරේ මැයි මාසය වන විට ශ්‍රී ලංකාවට ඉන්දීය සංචාරකයන් එක්ලක්ෂ 30,000ක් පැමිණ ඇති අතර වසරේ ඉදිරි කාලය තුළ තවත් සංචාරකයන් හාරලක්ෂයක් පැමිණෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.