යල කන්නයේ වී මිලදීගැනීම හෙටින් ඇරඹේ

Wednesday, 29 July 2015 - 19:21

%E0%B6%BA%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
යල කන්නයේ වී මිලදීගැනීම හෙට ආරම්භ කරන බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළා. දිවයින පුරා මිලදීගැනීම් සිදුකරන අතර, මෙවර වී මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි දහසක් මිලදීගැනීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 6 ක්. මේ අනුව කීරි සම්බා සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 50 ක මිලකටත්, නාඩු රුපියල් 45 කටත් මිලදීගැනීමට කටයුතු යොදා ඇති බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස කියා සිටියා.