ලෝක වෙළදපළේ බොරතෙල් මිල පසුගිය සති අන්තයේ සියයට 17කින් ඉහළ ගිය ද එය තාවකාලික ප්රවණතාවක් බව වෙළඳපළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. පසුගිය සිකුරාදා වන විට බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 45ක් ලෙසයි. එහෙත් එය නැවතත් ඩොලර් 40 සීමාවට පැමිණෙනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි. පසුගිය දිනවල ලෝක වෙළදපළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 37 දක්වා පහත වැටුණා.