ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන හෙට

Sunday, 04 October 2015 - 8:48

%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය - ඉරණමඩු හිදී හෙට (05) ආරම්භ වීමට නියමිතයි. ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් වැඩසටහන ජාතික මට්ටමින් සියලූ දිස්ත්‍රික්ක පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ සඳහා මූලික දායකත්වය සපයනු ලබනවා.

දේශීය නිෂ්පාදන ඵලදායීතාවය ඉහළ නැංවීම, පශූ සම්පත් සංවර්ධනය, මත්ස්‍ය හා ජලජීවි වගා ව්‍යාපෘතිය පුළුල් කිරීම සහ වැවිලි බෝග නිෂ්පාදනය පුළුල් කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමුකර තිබෙනවා.