ජී.එස්.පී. සහනය ගැන කොළඹ සමුළුවක්

Wednesday, 14 October 2015 - 21:38

%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජී.එස්.පී. ප්ලස් බදු සහනයෙන් ලැබෙන ප්‍රතිලාභ අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්තවල රැකියාවල නියුතු සේවකයන්ට ලබාගැනීම අරමුණු කරගත් සමුළුවක් ලබන 18 වනදා කොළඹ දී සංවිධාන කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා අපනයන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සේවකයින්ටද ආරාධනා කර ඇති බවයි නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් කියා සිටියේ.