Hirunews Logo
%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%98+%E0%B6%B0%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F
Friday, 16 October 2015 - 12:02
භාෂා ලංකා සමාගමට සම්මාන ත්‍රිත්වයක් - නිර්මාතෘ ධනික පෙරේරා වසරේ හොඳම තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයා
16

Shares
2,008

Views
තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙලේ  දී  ( NBQSA - National Best Quality ICT Awards) භාෂා ලංකා සමාගම  සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගනියි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක‍්ෂණික සමාගමක් වන වන  භාෂා ලංකා සමාගමේ  නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ධනික පෙරේරා  එහිදී 'වසරේ හොඳම තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයා' (The Most Innovative ICT Entrepreneur of the Year) සම්මානයට පාත්‍ර විය.



සම්මාන උළෙල - පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වුණේ, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය  හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන්.

NBQSA සම්මාන උළෙලේදී භාෂා ලංකා සමාගමේ නිපැයුම් ද්විත්වයක් වන  Puvath Reader සහ MobiTV නම් වූ 'ජංගම දුරකථන යෙදවුම්' ද  සම්මානයට ලක් කෙරිණි.

MobiTV ජංගම දුරකථන යෙදවුම මගින් මෙරට  සියලු රූපවාහිනී නාලිකාවන් ජංගම දුරකතනයෙන් සජීවිව සහ පසුව නැරඹීමේ පහසුකම පරිශීලකයන් වෙත ලබා දෙයි.



Puvath Reader ජංගම දුරකථන යෙදවුම මගින් දේශීය සහ විදේශීය පුවත් අති නවීණ Push Notification තාක්ෂණය ඔස්සේ එසැණින් සිංහලෙන්ම ලබාගැනීමේ හැකියාව පවති.



මෙම සම්මානනීය තාක්ෂණික විසඳුම් ඇන්ඩ්‍රොයිඩ්,  ඇපල් සහ වින්ඩෝස් ෆෝන් දුරකථන සඳහා සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන බව භාෂා ලංකා සමාගම පවසයි.



2011 දී ආරම්භ කළ භාෂා ලංකා සමාගම,   m-Billionth දකුණු ආසියානු සම්මාන 2 ක්, ඊ-ස්වාභිමානී ජාතික සම්මාන 4ක් මෙන්ම  NBQSA ජාතික සම්මාන 6ක් පසුගිය වසර හතර ඇතුළත  හිමි කරගෙන ඇත.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE