රුපියල ශක්තිමත් වෙයි

Saturday, 17 October 2015 - 13:50

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වාණිජ බැංකු මගින් ඩොලර් විකිණීම සහ බැදුම්කර අලෙවියෙන් විදේශ විනිමය ගලනය අපේක්ෂාවෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමක් ඊයේ දක්නට ලැබුණා. ඩොලරයක් සඳහා රුපියලේ අගය ඊයේ වාර්තා වූයේ රුපියල් 140.95ක් ලෙසයි. ආනයනකරුවන්ගෙන් ඩොලරය සදහා පැවති ඉල්ලූම ද සමනය වීම රුපියල ශක්තිමත්වීමට තවත් හේතුවක්. මහබැංකුව මගින් රුපියලේ අගය පාවීමට ඉඩ හැරීමත් සමඟ රුපියල අව ප්‍රමාණවීමක් දක්නට ලැබුණු අතර පසුගිය සැප්තැම්බර් 28 වන දා රුපියලේ අගය සටහන් වූයේ රුපියල් 141.40ක් ලෙසයි.