මිලියන 6 000 භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක්

Sunday, 29 November 2015 - 8:59

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+6+000+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රුපියල් මිලියන 6 000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් දෙසැම්බර් 2 වනදා සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා. මාස 3 කින්, මාස 6කින් සහ වසරකින් කල් පිරෙන රුපියල් මිලියන 2000 බැගින් වූ භාණ්ඩාගාර බිල්පත් එහිදී නිකුත් කෙරෙනු ඇති. ඒ සඳහා අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් 2 වනදා පෙරවරු 11 ට අවසන් වීමට නියමිතයි. මේ අතර පසුගිය 27 වනදා පැවති වෙන්දේසියේදී රුපියල් මිලියන විසිදහස් 394 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබෙනවා.

එහිදී වසර 19 යි මාස 3 කින් කල් පිරෙන සියයට 11 යි දශම 5 ක පොලියක් සහිත රුපියල් මිලියන දහඅටදහස් 850 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම විශේෂයි.

එහිදී වසර 10 යි මාස 6 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා සියයට 11 ක පොලී අනුපාතිකයක් හිමිවන අතර, වසර 4 යි මාස 5 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා හිමිවන්නේ සියයට 9 යි දශම 2 යි 5 ක පොලියක්.