ජපානයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන 28ක් එයි

Saturday, 25 June 2016 - 7:53

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+28%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
දිවයිනේ ආයෝජන කටයුතු  දියත් කිරීමේ අරමුණින් ජපානයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාර ආයතන 28ක  නියෝජිතයින් පිරිසක් ඊයේ මෙරටට පැමිණියා.

ශ්‍රිී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිතයි.

ජපන් - ශ්‍රී ලංකා ව්‍යපාරික සංගමයේ සභාපති තදයුකි සෙයිකි ප්‍රකාශ කළේ ඉන්දියාවේ සංචාරයකින් අනතුරුව තමන් මෙලෙස ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළ බවයි.

ජපාන ව්‍යාපාරික ආයතන 85ක් දැනටමත් දිවයිනේ අයෝජන ව්‍යාපෘතිවල නිරත වනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළේ එලෙස පැමිණෙන අයෝජකයන්ට  මෙගාපොලිස් ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 40 ඉක්ම වූ ආයෝජන කටයුතු මෙරට තුල සිදු කල හැකි බවයි.