කොටස් වෙළඳපොළ පහළට

Tuesday, 09 August 2016 - 8:02

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී පහත වැටීමක් පෙන්නුම් කළා.

ඒ, පසුගිය සතිය අවසානයේ සති හතකින් ඉහළම අගයන් වාර්තා කිරීමෙන් අනතුරුවයි.

සමස්ථ දර්ශකය ඊයේ දිනය අවසනදී 6506.93ක් ලෙස සටහන් වූ අතර පිරිවැටුම සටහන්වූයේ රුපියල් මිලියන 372.9ක් ලෙසයි.

පසුගිය ජුලි 27 වැනිදායින් පසු වාර්තා වූ අඩුම පිරිවැටුම එයයි.

කෙසේ නමුත්, විදේශ ආයෝජකයන් කොටස් මිලදී ගැනීමේ ප්‍රවණතාව තවදුරටත් දක්නට ලැබුණු අතර පසුගිය ගනුදෙනු දින 9 තුළ එක්රැස් වූ මුළු විදේශ ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියනයකට ආසන්නයි.