කොටස් වෙළඳපොළ පහත වැටීමක්

Tuesday, 23 August 2016 - 7:42

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පසුගිය සතියේ මාස තුනකින් ඉහළම අගයන් වාර්තා කළ කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු වශයෙන් පහත වැටීමක් දක්නට ලැබුණා.

සමස්ත දර්ශකය දිනය අවසන දී 6594.59ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 643.9ක්.

කෙසේ නමුත්, විදේශීය ආයෝජකයන් ඊයේ දිනයේදී ද රුපියල් මිලියන 48.6ක කොටස් මිලදී ගත් අතර, මේ මාසය තුළ එලෙස එක්රැස් වූ විදේශීය ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 1.43ක්.

කෙසේ නමුත් ඔවුන් මේ වසර තුළ රුපියල් බිලියන 3.22ක කොටස් අලෙවි කර තිබෙනවා.