ත්‍රිකුණාමලයේ ආයෝජන ගැන සොයන්න, ජපාන රජයෙන් නියෝජිත කණ්ඩායමක්

Saturday, 27 August 2016 - 13:21

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව සිදුකළ කළ හැකි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ජපාන රජයේ නියෝජිත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජැපෑන් ටයිම්ස් පුවත්පත අනාවරණ කළා.

එමගින් ශ්‍රී ලංකාව සමඟ ද්වි පාර්ශවික සබඳතා ශක්තිමත් කරලීමට ජපානය අපේක්ෂා කරන බවයි පුවත්පත සඳහන් කළේ.

විශේෂයෙන් මැදපෙරදිග සිට තෙල් ආනයනය කරන ප්‍රධාන නෞකා මාර්ගයක් ශ්‍රී ලංකාව හරහා වැටී ඇති නිසා මෙවැනි සමීප සබඳතාවක් ජපානයට වැදගත් වන බවයි එරට රජයේ අදහස වී ඇත්තේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජපාන සංචාරවලදී මෙලෙස ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත සංවර්ධන කටයුතුවලට එක්වන ලෙස ජපානයට ආරාධනා කරනු ලැබුවා.