ඉහළ ආර්ථික වර්ධනයකට ලෝක බැංකුවේ සහාය

Monday, 29 August 2016 - 19:07

%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA
ශ්‍රී ලංකාවට ඉහළ ආර්ථික වර්ධනයක් සහ සශ්‍රීකත්වය අත් කර ගැනීම සඳහා තවදුරටත් සහාය වන බව ලෝක බැංකුව පවසනවා.

ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයක් සඳහා පැමිණි ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපතිනී ඇනට් ඩික්සන් කියා සිටියේ ඒ සඳහා රටේ සියලූ පළාත්වල ප්‍රගතියක් ඇති විය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත සංවර්ධන ඉලක්කයන් පිළිබදව ලක් රජය සමඟ පුළුල් සංවාදයක නිරත වන බවත්, ඇය සදහන් කළා.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උපසභාපතිනිය අද උතුරේ සංචාරයක නිරත වුණා.

එහිදී ඇය ලෝක බැංකුවේ සහායෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති නිරීක්ෂණය කර තිබෙනවා.

ලෝක බැංකු නියෝජිතවරිය, මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද මුණ ගැසීමට නියමිතයි.