මහ බැංකුව - ආදායම් දෙපාර්මේන්තුව සමඟ එක්වෙයි

Tuesday, 25 October 2016 - 13:37

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+-+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් එක්රැස් කිරීම වැළැක්වීම සඳහා එක්ව කටයුතු කිරීමට මහ බැංකුව,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණා.

2006 වසරේ අංක හය දරණ මූල්‍ය ගණුදෙනු වාර්තා කිරීමේ පනතේ වගන්තිවලට අනුකූලව තොරතුරු හුවමාරු කරගැනීමටත් මුල්‍ය අපරාධවල නිරතවන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් මෙමඟින් අපේක්ෂා කෙරෙනවා.

ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීය මට්ටමින්ද සිදුවන මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍ය කටයුතු,ගෝලීය ආර්ථිකය සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවර භාවයට තර්ජනයක් බවයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍ය කටයුතු වැළැක්වීම සඳහා මහ බැංකුව මීට පෙර ශ්‍රී ලංකා රේගුව සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟද අවබෝධතා ගිවිසුම්වලට එළඹුණා.