සාගර සම්පත් සංවර්ධනය වෙනුවෙන් එකඟතාවක්

Thursday, 23 February 2017 - 13:22

%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සාගර සම්පත් සංවර්ධනය වෙනුවෙන් ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට සූදානම් වනවා.

ධීවර අමාත්‍යවරයා සහ ඉන්දුනීසියානු තානාපති කාර්යාල නිලධාරීන් අතර ඇතිවූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මේ පිළිබඳව එකඟතාවකට පැමිණ ඇත්තේ.

මෙම වැඩපිළිවෙලට අනුව ශ්‍රී ලංකාවේ ධීවර නිෂ්පාදන ඉන්දුනීසියානු වෙළඳපොලට යොමුකිරීමට අවස්ථාව ලැබෙන අතර, ඉන්දුනීසියානු ධීවර නිෂ්පාදනද මෙරට වෙළඳපොලට යොමු කෙරෙනු ඇති.

දෙරට රාජ්‍ය නායකයන් අතර ලබන මාසයේදී පැවැත්වෙන සාකච්ජාවලින් පසුව අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතයි.