ඊයේ නිකුත් කළ භාණ්ඩාර බැඳුම්කරවලින් 12.1 ක පොලී අනුපාතයක්

Friday, 24 February 2017 - 12:32

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12.1+%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඊයේ (23) පැවති වෙන්දේසියේදී වසර 2 කින් කල්පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා සියයට 12 යි දශම 1 ක පොලී අනුපාතයක් ලබාදීමට මහබැංකුව පියවර ගෙන තිබෙනවා.

රුපියල් බිලියන 21 යි දශම 4 ක් වටිනා බැඳුම්කර සඳහා අයදුම් ඉදිරිපත් වී තිබු අතර ඉන් රුපියල් බිලියන 9 ක් වටිනා බැඳුම්කර නිකුත් කෙරුණු බවයි මහබැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එහිදී වසර 4 යි මාස 10 කින් කල්පිරෙන බැඳුම්කර සඳහා සියයට 12 යි දශම 8 යි 9 ක් ද ප්‍රකාශයට පත්කෙරුණු අතර, වසර 9 යි මාස 5 කින් කල් පිරෙන බැඳුම්කර සඳහා ඵලදායිතා අනුපාතිකය සටහන් වන්නේ සියයට 12 යි දශම 9 යි 1 ක් ලෙසයි.