මෙරට තේ මිලේ කැපී පෙනෙන වර්ධනයක්

Sunday, 12 March 2017 - 14:05

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරට තේ මිල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.

එහිදී තේ මිලෙහි සාමාන්‍යය පසුගිය වසරට සාපේක්ෂව සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.

මේ වසරේ පෙබරවාරි මාසයේදී තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 596.85 ක් වූ අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී එම මිල සටහන් වූයේ 403.87 ක් ලෙසයි.

මෙහිදී මධ්‍යම කලාපයේ තේ වර්ගවල මිල රුපියල් 551.35 ක් ලෙස සටහන් වූ  අතර පහත රට තේ වර්ගවල මිලෙහි සාමාන්‍යය රුපියල් 603.94 ක් ලෙස සටහන් වුණා.