ශ්‍රම බලකාය මිලියන 8.4යි

Tuesday, 14 March 2017 - 13:43

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+8.4%E0%B6%BA%E0%B7%92
මෙරට ශ්‍රම බලකාය පසුගිය වසරේ තුන්වන කාර්තුවේදී මිලියන 8.4ක් වූ බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එහිදී කාන්තා ශ්‍රම බලකායේ දායකත්වය සියයට 36.5ක්.

මෙරට ශ්‍රම බලකාය ලෙස සැලකෙන්නේ අවුරුදු 15 ඉක්ම වූ ජනගහනයයි.

ඉන් සියයට 53.8ක් පසුගිය වසරේ තුන් වන කාර්තුවේදී සේවයේ නිරත වී සිටි බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන්.

ඉන් සියයට 46.1ක් සේවා අංශය නියෝජනය කරන අතර සියයට 27.1ක් කෘෂිකර්මාන්තයේ නිරත වූ අයයි.

කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත වූ ශ්‍රම බලකායේ ප්‍රතිශතය සියයට 26.8ක් ලෙසයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම 2016 වසරේ තුන්වන කාර්තුවේදී මෙරට විරැකියා අනුපාතය සියයට 4.5 දක්වා පහත වැටීම ද විශේෂත්වයක්.