කොරියාවෙන් මිලියන 375 ක්

Thursday, 16 March 2017 - 13:28

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+375+%E0%B6%9A%E0%B7%8A
ජලජීවී වගාව ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් මිලියන 375 ක ප්‍රදානයක් ලබාදීමට කොරියානු රජය එකඟතාව පළකර තිබෙනවා.

ඒ, ධීවර අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.

මෙම වැඩසටහනට අනුව ඉස්සන් සහ මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයක් සඳහා මූලික වශයෙන් කොරියානු මූල්‍ය ප්‍රතිපාදන යොදාගැනීමට බලාපොරොත්තුවන බවයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම කොරියානු ජාතික ධීවර සමූපකාර සම්මේලනය නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත ධීවර තාක්ෂණ විද්‍යාල දෙකක් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාව පළකර ඇති බව වාර්තාවනවා.