Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Saturday, 18 March 2017 - 7:26
කොටස් වෙළඳපොළ වර්ධනයක්
5

Shares
656

Views
කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ වර්ධනයක් පෙන්නුම් කළා.

ඒ, ඊට පෙර ගනුදෙනු වාර 8කදී මිල දර්ශක පහත වැටුණේ වසරකින් අවම අගයන් සලකුණු කරමින්.

කොළඹ කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.17ක්.

එහිදී විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 39.5ක කොටස් මිලදී ගත්තා.

අඛණ්ඩව ගනුදෙනු දින 13කදී විදේශීය ආයෝජකයන් මෙලෙස ශුද්ධ මිලදී ගැනීමක් වාර්තා කළ අතර වසරේ මේ වන විට මුළු විදේශීය ආයෝජන එක්රැස් වීම රුපියල් බිලියන 2.5කට ආසන්නයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE