කොටස් වෙළඳපොලේ මිල දර්ශක පහළට

Friday, 24 March 2017 - 7:41

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (23) දිනයේදී වසරකින් අඩුම අගයන් සටහන් කළා.

සමස්ත දර්ශකය ඊයේ නැවතත් 6000 සීමාවෙන් පහළ අගයක් වාර්තා කළ අතර, දින අවසනදී සටහන් වූයේ 5979 යි දශම 8 යි 5 ක් ලෙසයි.

කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 616 යි දශම 4 ක්.

පසුගිය මාර්තු 7 වැනිදා සිට මේ දක්වා කොටස් වෙළඳපොලේ මිල දර්ශක සියයට 2 යි දශම 1 කින් පහත වැටී තිබෙනවා.