තේ අපනයනය පහත වැටේ

Saturday, 25 March 2017 - 13:31

%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
මෙරට තේ අපනයනය මේ වසරේ පෙබරවාරි මාසයේ කිලෝග්‍රෑම් මිලියන 22.4 දක්වා සියයට 5 කින් පහත වැටී තිබෙනවා.

එය ශ්‍රී ලංකාව මාස අටකින් සිදුකළ අඩුම මාසික අපනයනයයි.

කෙසේ නමුත් තේ අපනයන ආදායම පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 17.1 දක්වා සියයට 18 කින් ඉහළ යාම විශේෂත්වයක්.

කෙසේ නමුත් මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක සැළකූ විට අපනයනය කළ තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 42.6 දක්වා සියයට 11 කින් පහත වැටී ඇති බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.

වසරේ මුල් මාස දෙක සැළකූ විට එය 2009 වසරෙන් පසුව වාර්තාවන අඩුම අගයයි.