Hirunews Logo
%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
Monday, 27 March 2017 - 20:02
යුරෝපීය ආයෝජන බැංකුවේ නියෝජිතයින් පිරිසක් ලංකාවට
4,202

Views
යුරෝපීය ආයෝජන බැංකුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මේ සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කරන බව යුරෝපා සංගමය අද නිවේදනය කළා.

ඔවුන් තුන්දින චාරිකාවක් සඳහා මෙරටට පැමිණෙන්නේ දකුණු ආසියානු කලාපීය සංචාරයක මුල් පියවර ලෙසයි.

ලොව විශාලතම ජාත්‍යන්තර වාණිජ බැංකුව වන මෙහි නියෝජ්‍ය සභාපති ඇන්ඩෲ මැක්ඩොවෙල් ඇතුළු නියෝජිතයන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ නියෝජිතයන් හමුවී මෙරට සිදුකළ හැකි ඉදිරි ආයෝජනයන් පිළිබදව සාකච්ඡා කරනු ඇති.

යුරෝපා සංගමයේ රටවල් 28ම නියෝජනය කරන යුරෝපීය ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදුකරන්නේ 2002 වසරේ සිටයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE