Hirunews Logo
%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B6%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%9A
Friday, 21 April 2017 - 15:03
ජය බහාලුම් නැව් තෙල් අලෙවියේ ලාභය දෙගුණ වේ
4,226

Views
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය බහාලුම් පර්යන්තය, නෞකාවලට තෙල් සැපයීම මගින් පසුගිය වසරේදී උපයා ගත් ආදායම පෙර වසරට සාපේක්ෂව දෙගුණය ඉක්මවා තිබෙනවා.

2016 වසරේදී නෞකා තෙල් සැපයීමෙන් ජය බහාලුම් පර්යන්තයේ තෙල් ගබඩාව උපයා ගත් ලාභය රුපියල් මිලියන 77 ක් වන අතර, එය 2015 වසරට වඩා සියයට 113 ක වර්ධනයක් බවයි වරාය හා නාවික අමාත්‍යාංශය සඳහන් කළේ.

ජය බහාලුම් පර්යන්තය විවිධ නැව් තෙල් වර්ග ගබඩා කරන ටැංකි 13 ක සංකීර්ණයකින් සමන්විතයි.

අලෙවි පිරිවැය සහ පරිපාලන වියදම් කැපී පෙනෙන ලෙස අඩුවීම මෙලෙස ලාභය ඉහළ යාමට හේතුවී ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE