රන් මිල ප්‍රකෘතිමත් වෙයි

Sunday, 23 April 2017 - 8:36

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි ප්‍රකෘතිමත්වීමක් දැන් දක්නට ලැබෙනවා.

රන් අවුන්සයක මිල මෙම සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1289 යි ශත 10 දක්වා ඉහළ ගියා.

රන් මිල සිකුරාදා දිනයේ පමණක් අවුන්සයකට ඩොලර් 5 යි ශත 30 කින් ඉහළ යෑම විශේෂත්වයක්.

පසුගිය සතිය තුළ එහි වර්ධනය සියයට 2.5 කට ආසන්නයි.

කෙසේ නමුත් ආයෝජකයන් ප්‍රංශ මැතිවරණය සහ ඇමරිකා එක්සත් ජනපදයේ බදු කපාහැරීම් අපේක්ෂාවෙන් සිටින නිසා රන් මිල ඉදිරියේදී තවදුරටත් විචලනය විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.