අමු තේ දළු කිලෝවක මිල ඉහළට

Sunday, 23 April 2017 - 19:50

%E0%B6%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B7%80%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
පසුගිය කාලසීමාව තුළ පහළ ගොස් තිබූ අමු තේ දළු කිලෝවක මිල මේ වන විට රුපියල් 105 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කුඩා තේ වතු හිමියන් සඳහන් කළේ තේ දළු මිල ඉහළ ගිය ද අස්වැන්න අඩුවීම හේතුවෙන් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

පවතින නියං තත්ත්වයත් සමග පොහොර භාවිත කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස තේ අස්වැන්නේ අඩුවී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.