Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF.+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
Monday, 24 April 2017 - 19:23
ශ්‍රී ලංකාව සහ ද. කොරියාව අතර වෙළඳ සාකච්ඡා
4,857

Views
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ද්විපාර්ශවික වෙළඳාම ප්‍රවර්ධන වැඩසටහනක් සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පසුගිය දා ආරම්භ වී තිබෙනවා.

කොරියානු ආනයනකරුවන්ගේ සම්මේලනය ඒ සඳහා එක්ව ඇති අතර, මෙරට නිෂ්පාදන ආනයනය කිරීමට අපේක්ෂා කරන සමාගම් රැසක් ද වැඩසටහනට එක්වූ බවයි සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.

එහිදී වෙළඳ ප්‍රවර්ධන පාර්ශවකරුවන්ගේ කමිටුවක් ද පිහිටුවා ගනු ලැබූ බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කොරියානු ආනයනකරුවන්ගේ සම්මේලනයේ සාමාජිකයන් අතර ශ්‍රී ලංකාව පිළිබද උනන්දුවක් දක්වන ජාලයක් ඇති කිරීම එම කමිටුව බිහි කිරීමේ අරමුණයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE