පසුගිය සතිය නිමාවේ මාස 6කින් ඉහළම අගයන් වාර්තා කළ කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක නැවතත් පහත වැටීමක් පෙන්නුම් කළා.
ආයෝජකයන් විසින් ලාභ ඉවත් කර ගැනීම ඊට හේතු වූ බව තැරැව්කරුවන් පෙන්වා දෙනවා.
සමස්ත දර්ශකය ඊයේ දිනය අවසන දී 6505යි දශම 95ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 530.3කට සීමා වුණා.
කෙසේ නමුත් කොටස් වෙළදපොළ පසුගිය සිකුරාදා දක්වා ගනුදෙනු දින 16 තුළ සියයට 9.4කින් වර්ධනය වූ අතර, පසුගිය සතියේ වර්ධනය සියයට 2.1 ඉක්ම වූවා.
විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළෙදපොළේ කොටස් මිලදී ගැනීම තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර වසරේ මේ දක්වා ඔවුන් මිලදී ගත් කොටස්වල වටිනාකම රුපියල් බිලියන 14.4 ඉක්ම වනවා.