Hirunews Logo
%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
Thursday, 27 April 2017 - 7:14
ගුවන් ගමන් කිහිපයක වෙනසක්
141

Shares
16,962

Views
ඉන්දියාව බෙංගාල බොක්ක ප්‍රදේශයේ අද සිදුකරන ගුවන්යානා අත්හදාබැලීමක් හේතුවෙන් කටුනායකින් ඇරඹෙන සහ පැමිණෙන ගුවන් ගමන් කිහිපයක වෙනසක් සිදුවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කළා.

ඒ අනුව උදෑසන අටේ සිට මධ්‍යහ්න 12 දක්වා මලයාසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවලට පියාසර කෙරෙන සහ එම රටවලින් කටුනායක බලා පැමිණෙන ගුවන් ගමන්වලට මෙය බලපැවැත්වෙන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කළේ.

මෙලෙස ශ්‍රී ලංකන් ගුවන් යානා 11 ක ගුවන් ගමන් කාලසටහනේ වෙනසක් සිදුවන බවද එම සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE