නොරොච්චෝලේ බලාගාරයේ පාරිසරික බලපෑම් පිළිබද ඇගයීම් ඇරඹේ

Saturday, 29 April 2017 - 13:27

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
නොරොච්චෝලේ ගල් අඟුරු තාප විදුලි බලාගාරයෙන් සිදුවන පාරිසරික බලපෑම පිළිබදව ඇගයීමක් ආරම්භ වී තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම මෙම ඇගයීම සිදුකරන අතර, ප්‍රදේශයේ ධීවරයන්, ගොවීන් මෙන්ම විදුලිබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත් පාරිසරික අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පාරිසරික පදනම ආදී ආයතනවල නියෝජිතයන් ද ඒ සඳහා එක්වනවා.

මෙගාවොට් 900ක විදුලි බලයක් උත්පාදනය කරන පුත්තලම - නොරොච්චෝලේ ගල් අඟුරු තාප විදුලි බලාගාරයෙන් නික්මෙන ගල් අඟුරු දූලි පරිසරයට හානි සිදුකරන අතර එමගින් වෙරළාසන්න මුහුද උණුසුම් වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ගයේදී නොරොච්චෝලේ බලාගාරය පිළිබද පාරිසරික ඇගයීමක් සිදුකරන ලෙස නියෝග කෙරුණේ මහජන උපයෝගීතා කොමිසමටයි.