සහල් සඟවන වී මෝල් හිමියන්ට වැඩ වරදී

Sunday, 28 May 2017 - 21:14

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
සහල් සඟවා තබා ගන්නා වී මෝල් හිමියන් සම්බන්ධයෙන් සහ දේශීය සහල් ලෙස ආනයනික සහල් අලෙවි කරනු ලබන වෙළෙඳුන් පිළිබදව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

ඒ අනුව වී මෝල් හිමියන් සහ සහල් ආනයනකරුවන් සතුව ඇති තොග සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඒවා පාරිභෝගිකයන් අතර බෙදී ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන ලෙසයි කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.