Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+445+%E0%B6%9A%E0%B7%8A
Sunday, 18 June 2017 - 8:08
විගාමික ශ්‍රමිකයන්ගෙන් තුන්වන ලෝකයට ඩොලර් බිලියන 445 ක්
8

Shares
1,047

Views
සංවර්ධනය වෙමින් පවත්නා රටවල විගාමික ශ්‍රමිකයන් පසුගිය 2016 වසරේදී මව් රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 445 ක් එවා ඇති බව ජාත්‍යන්තර සංවිධානයක් පෙන්වා දෙනවා.

 ආසියානු, ලතින් ඇමරිකානු සහ අප්‍රිකානු රටවල මිලියන 200 ක් පමණ විගාමික සංක්‍රමණිකයන් මෙලෙස සිය රටවල දුප්පත්කම තුරන් කිරීමට දායක වී ඇති බවයි කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර අරමුදල ප්‍රකාශ කළේ.

මොවුන් අතුරින් අඩක්ම කාන්තාවන් වීමද විශේෂත්වයක්. මේ වසරේදී ද විදේශයන් හි සිටින ශ්‍රමිකයන් තුන්වන ලෝකයේ රටවල් වෙත ඩොලර් බිලියන 450 ක් පමණ එවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එය පසුගිය දශකය තුළ සියයට 50 කින් වර්ධනය වී ඇති බවයි සමීක්ෂණය සිදුකළ සංවිධානය සඳහන් කළේ.

මින් වැඩිම විදේශ විනිමයක් එනම් ඩොලර් බිලියන 117 ක් එක්සත් ජනපදයේ සිට එවා ඇති අතර, යුරෝපයෙන් ඩොලර් බිලියන 115 ක් සහ ගල්ෆ් රටවලින් ඩොලර් බිලියන 100 ක් විගාමික ශ්‍රමිකයන් සිය මව් රටවලට එවා තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE