Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+55%2C000%E0%B6%9A%E0%B7%8A
Saturday, 15 July 2017 - 8:05
පාකිස්තානයෙන් සහ මියන්මාරයෙන් සහල් ටොන් 55,000ක්
1,218

Views
මෙරට වෙළඳපොළේ පවතින සහල් හිඟයට පිළියම් ලෙස පාකිස්තානයෙන් සහ මියන්මාරයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් 55,000ක් ලබා ගැනීමට කටයුතු කරන බව කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මෙහිදී මියන්මාරයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් 30,000ක් ලබා ගැනෙන අතර, පාකිස්තානයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් 25,000ක් ලබා ගැනීමට නියමිතයි.

මෙලෙස මෙම රටවලින් සහල් කඩිනමින් ලබා ගැනීම සඳහා ලක් රජයේ නියෝජිත පිරිසක් පසුගිය 7 වන දා සිට 14 වන දා දක්වා එම රටවල සංචාරයක නිරත වුණා.

ඊට අමතරව තායිලන්තයෙන් සහ ඉන්දියාවෙන් ද සහල් ආනයනය කිරීම සඳහා පියවර ගන්නා බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE