Hirunews Logo
%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94.+900%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Monday, 17 July 2017 - 19:50
ගම්මිරිස් කිලෝවක් රු. 900කට මිලදී ගන්න කැබිනට් පත්‍රිකාවක්
9

Shares
1,113

Views
අපනයන තත්ත්වයේ පවතින ගම්මිරිස් කිලෝවක් රුපියල් 900කට මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සමඟ අද පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා.

මේ අතර, ගම්මිරිස් මිල ඉහළ දමන ලෙස ඉල්ලා රත්නපුර - කොළොන්න ප්‍රදේශයේ ගොවීන් පිරිසක් අදත් විරෝධතාවයක නිරත වුණා.

කොළොන්න - ඇඹිලිපිටිය මාර්ගය කෑල්ලගම නගරයෙන් අවහිර කරමින් ටයර් පුළුස්සමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය දා ඇඹිලිපිටිය - පල්ලෙබැද්ද - මිද්දෙනිය සහ බලංගොඩ යන ප්‍රදේශවල ගම්මිරිස් මිල ඉහළ දමන ලෙස බල කරමින් විරෝධතා කිහිපයක් පැවති අතර පල්ලෙබැද්ද නගරයේ ගොවීන් සිදුකළ විරෝධතාවයට මැර ප්‍රහාරයක් ද එල්ල වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :