Hirunews Logo
%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Saturday, 12 August 2017 - 14:37
කර්මාන්ත අංශයේ ධාරිතාව ඉහළට
11

Shares
1,385

Views
මේ වසරේ දෙවන කාර්තුව තුළ නිෂ්පාදන කර්මාන්ත අංශයේ ධාරිතාව සියයට 1.4කින් වර්ධනය වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

2016 වසරේ ජුනි මාසයේ නිෂ්පාදන ධාරිතාවට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේ එහි වර්ධනය සියයට දශම 3ක් පමණයි.

කෙසේ නමුත්, පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේදී මූලික ඖෂධ නිෂ්පාදනය සියයට 19.5කින් ද, මූලික ලෝහ නිෂ්පාදනය සියයට 14කින් සහ පිරිසකසන ලද ලෝහ නිෂ්පාදනය සියයට 12.7කින් කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙනවා.

එමෙන්ම මේ වසරේ ජුනි මාසයේ ආහාර අංශයේ නිෂ්පාදනය ද සියයට 2.3කින් වැඩි වී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

අඟුරු සහ ඛනිජ තෙල් පිරිපහදු නිෂ්පාදන, රසායනික ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම බීම වර්ග නිෂ්පාදන පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව පිළිවෙලින් සියයට 29.6කින්, සියයට 12.1කින් සහ සියයට 9.2කින් අඩු වී ඇති බවත්, එමගින් නිකුත් කළ නිවේදනයක සඳහන්.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE