Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Saturday, 12 August 2017 - 19:22
ඉන්ධන මිලට නව මිල සුත්‍රයක්
76

Shares
9,196

Views
ජාත්‍යන්තර වෙළදපොලේ මිල ගණන් අනුව දේශීය ඉන්ධන මිල තීරණය කෙරෙන මිල සූත්‍රයක් නුරේදීම හදුන්වාදීමට මුදල් අමාත්‍යාංශය සැරෙසනවා.

ගෙවුම් ශේෂ අවදානම අවම කරලීමට මෙන්ම, මූල්‍ය බිද වැටීමක් වළක්වාලීමට එය දිගුකාලීනව පැවති අවශ්‍යතාවක් බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ඒ අනුව ජාත්‍යන්තර වෙළදපොලේ මිල ගණන් නිරූපණය වන ඉන්ධන මිල සූත්‍රයක් මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර එමගින් වෙළදපොලේ වාසිය පාරිභෝගිකයන්ට හිමිවීම ද විශේෂත්වයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඇති කර ගත් එකගතාවට අනුව ඉන්ධන මිල සූත්‍රයක් 2016 වසරේදී හදුන්වාදීමට නියමිතව තිබුණ ද, එම කාල විරාමය ඉක්මයාම නිසා 2018 වසර වනවිට එවැනි මිල සූත්‍රයක් ඉදිරිපත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE