Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 13 August 2017 - 12:53
විදුලි දුම්රිය ව්‍යාපෘතියක්
96

Shares
11,610

Views
මේ වසර තුළ විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා රටවල් 6 කින් ටෙන්ඩර් කැදවීමට පියවර ගෙනෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරන පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් වැය වන මෙම ව්‍යාපෘතිය යටතේ පානදුර සහ පොල්ගහවෙල අතර මෙන්ම, කොළඹ කොටුවේ සිට මීගමුව දක්වා කැළණිවැලි මාර්ගයේ කිලෝමීටර් 158 ක විදුලි දුම්රිය මාර්ග සැකසෙනවා.

ව්‍යාපෘතිය සදහා ටෙන්ඩර් කැදවීමට නියමිතව ඇත්තේ ජපානය, දකුණු කොරියාව, ප්‍රංශය,  ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය සහ චීනය යන රටවලින්.

තෝරා ගන්නා රටකට මෙරට විදුලි දුම්රිය සදහා වේදිකා තැනීම, ආරක්ෂිත වැටක් ඉදිකිරීම, ටිකට් යන්ත්‍ර සැකසීම මෙන්ම, විදුලි දුම්රිය එන්ජින් සහ මැදිරි සැපයීමට ද සිදුවනවා.

ව්‍යාපෘතිය සදහා මූල්‍යාධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත්වී සිටින අතර ව්‍යාපෘතිය වසර තුනකදී සම්පූර්ණ කිරීමට අපේක්ෂිතයි.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE