රුපියලේ අගය පහතට

Sunday, 20 August 2017 - 7:40

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
ආනයනයන් සඳහා ඇමරිකානු ඩොලරයට පවතින ඉල්ලූම ඉහළ යාම හේතුවෙන් රුපියලේ අගය පහත වැටීමක් දැන් දක්නට ලැබෙනවා.

ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියලේ ගැනුම් මිල රුපියල් 151 යි ශත 19 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 154 යි ශත 99 ක් ලෙසත් සති අන්තය වනවිට සටහන් වුණා.

විශේෂයෙන් තෙල් ආනයනය සඳහා බැංකු මගින් ඩොලර් මිලදී ගැනීම මෙම තත්ත්වයට හේතුවක්.

මේ දිනවල වැඩි වශයෙන් ඉන්ධන ආනයනය කරනු ලබන්නේ නියඟය නිසා ඞීසල් බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවීම හේතුවෙන්.