Hirunews Logo
%E0%B6%A2%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Tuesday, 22 August 2017 - 13:07
ජුලි මාසයේ තේ නිෂ්පාදනය ඉහළට
6

Shares
768

Views
මෙරට තේ නිෂ්පාදනය ජුලි මාසයේදී සියයට 19කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රකාශ කළේ පසුගිය වසරේ ජුලි මාසයේ නිෂ්පාදනය පහළ මට්ටමක පැවතීම නිසා එම වර්ධනය දිස් වන බවයි.

එමෙන්ම මේ වසරේ පළමු මාස 7 සැලකූ විට මෙරට තේ නිෂ්පාදනය වර්ධනය වී ඇත්තේ සියයට 3.7කින්.

පොහොර භාවිතය අඩුවීම සහ දුර්වල වෙළඳපොළ මිල ගණන් හේතුවෙන් පසුගිය වසරේ මෙරට තේ නිෂ්පාදනය පහත වැටුණා.

2016 වසරේ මෙරට තේ නිෂ්පාදනය වසර 14කින් අවම අගය වාර්තා කළ අතර, අපනයනය ආදායම ඩොලර් බිලියන 1.26ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE