Hirunews Logo
%E0%B7%80%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB
Tuesday, 12 September 2017 - 13:46
වේක්කයා බෝ කරන්නන්ට ආධාර
2,017

Views
මසුන් ඇල්ලීමේදී මත්ස්‍ය ඇම ලෙස යොදා ගන්නා ‘වේක්කයා’ නැමැති මසුන් වගා කිරීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයින්ට ආධාර ලබාදීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 5ක මූල්‍ය ආධාරයක් සහ සහන පොලී පදනම මත මූල්‍ය ප්‍රතිපාදන  ලබාදීමට කටයුතු කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම ඊට අවශ්‍ය ඉඩම් සපයාදීමට ද ධීවර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ගත වූ මාස කිහිපය තුළ මත්ස්‍ය ඇම වශයෙන් යොදා ගන්නා චීනයෙන් ආනයනය කෙරෙන දැල්ලන් විශේෂයේ මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති නිසා, ඊට විසඳුමක් ලෙස ධීවර අමාත්‍යාංශය යෝජනා කරන්නේ වේක්කයා නැමැති මත්ස්‍ය විශේෂයයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE