Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Tuesday, 10 October 2017 - 8:49
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ආසියානු සංවර්ධන බැංකුවට සුබවාදී බලාපොරොත්තුවක්
687

Views
ශ්‍රී ලංකාව මේ වසර තුළ සියයට 4.5ක ආර්ථික වර්ධනයක් අත්කර ගනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

ආසියාකරයේ ආර්ථික පසුබිම පිළිබඳ සිය නවතම වාර්තාව නිකුත් කරමින් එමගින් වැඩිදුරටත් සඳහන් කළේ 2018 වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 5 දක්වා ඉහළ යනු ඇති බවයි.

ආසියාකරයේ සංවර්ධනය වන ආර්ථිකයන් මේ වසරේදී සියයට 5.9කින් ද, 2018 වසරේ සියයට 5.8කින් ද ඉහළ යනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව අනාවැකි පළ කරනවා.

එමගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්ධනය පවත්වා ගැනීමටත්, දුප්පත්කම අඩු කිරීමටත්, කාලගුණ වෙනසට ප්‍රතිචාර දැක්වීමටත් වසර 2030 වන තුරු ආසියාකරයේ යටිතල පහසුකම් සංවර්ධනයට වසරක් පාසා ඩොලර් ටි‍්‍රලියන 1.7ක් අවශ්‍ය වන බවයි.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE