Hirunews Logo
%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Tuesday, 10 October 2017 - 13:12
සැප්තැම්බරයේ සංචාරකයින්ගේ පැමිණීම පහළට
1,552

Views
දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය සැප්තැම්බර් මාසයේදී සියයට 2.3කින් පහත වැටී තිබෙනවා.

සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් එක්ලක්ෂ 45,077ක් පැමිණ ඇති අතර, එහිදී චීනයෙන් සහ ජර්මනියෙන් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවීමක් දක්නට ලැබෙන බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.

සැප්තැම්බරයේ පැමිණි ඉන්දීය සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 26.6ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 14.3 දක්වා පහත වැටීම කැපී පෙනෙන සිද්ධියක්.

කෙසේ නමුත්, සමස්තයක් ලෙස ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 3කින් ඉහළ ගොස් තිබෙනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE