Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Wednesday, 11 October 2017 - 13:53
කොළඹ සිට තූත්තුකුඩිය දක්වා නව නෞකා සේවාවක්
10

Shares
1,302

Views
කොළඹ සිට තූත්තුකුඩිය අතර නෞකා සේවාවක් ආරම්භ කිරීම සඳහා ආයෝජකයෙකු තෝරා ගැනීම සදඟා යළි අයදුම්පත් කැඳවීමට වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අදාළ මගී ප්‍රවාහන නෞකා සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියට අභිලාෂ ප්‍රකාශ කිරීම සඳහා  මීට පෙර අයදුම්පත් කැඳවූ නමුත් ඒ සඳහා ප්‍රමාණවත් අයදුම්පත් සංඛ්‍යාවක් නොලැබීම ඊට හේතුව බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම නෞකා සේවය ආරම්භ කිරීම හරහා දෙරට අතර, සංස්කෘතික හා ආර්ථික සබඳතා මෙන්ම වෙළඳ, සංචාරක හා නව රැකියා අවස්ථා ප්‍රවර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනු  ඇති බවට ද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය විශ්වාසය පළ කරනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE