මහබැංකු අධිපති ඇමරිකාවේදී සම්මානයට පාත්‍ර වෙයි

Monday, 16 October 2017 - 19:58

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දකුණු ආසියාවේ විශිෂ්ඨතම මහබැංකු අධිපතිවරයා ලෙස ඇමරිකාවේදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගිවීම සඳහා ගොස් සිටින ඔහුට වොෂින්ටනයේදී පසුගිය සති අන්තයේ අදාළ සම්මානය පිරිනමා ඇත්තේ ග්ලෝබල් කැපිටල් මාකට්ස් නැමැති ව්‍යාපාරික ප්‍රකාශන ආයතනය මගින්.

සීග්‍ර සංවර්ධනයක් සහ රැකියා ජනනය ඉලක්ක කර ගත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ඔහුට මෙම සම්මානය පිරිනමන බවයි එමගින් ප්‍රකාශ කර ඇත්තේ.