Hirunews Logo
%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%AB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Sunday, 12 November 2017 - 7:20
ලෝක වෙළදපොලේ රන් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක්
5

Shares
710

Views
ලෝක වෙළදපොලේ රන් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත තවදුරටත් ඉහළ නැංවීම අවිනිශ්චිත වීම ඊට ප්‍රධාන හේතුවක්.

එමෙන්ම, ලොව ඉහළම රන් ඉල්ලූමක් පවතින චීනයේ සහ ඉන්දියාවේ භෞතික ඉල්ලූම වර්ධනය වීම ද, රන් මිල ඉහළ යාමට හේතුවී ඇති බව සදහන්.

ඒ අනුව, මේ වසරේ අවසානය වනවිට රන් අවුන්සයක මිල ඩොලර් 1325 ක් දක්වා ඉහළ යනු ඇති බවයි විශේලේෂකයන් පෙන්වා දෙන්නේ.

එය ලබන වසරේදී ඇතැම් විට ඇමරිකානු ඩොලර් 1400 ක් හෝ 1500 ක් දක්වා ඉහළ යා හැකියි.

රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1275 ක් ලෙසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE