මේ වසරේ අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට විදේශීය සංවර්ධන ආධාර ගිවිසුම් යටතේ වැඩිම මුදලක් පොරොන්දු වී ඇත්තේ ජපානය බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ජපානය මගින් එලෙස ලබාදීමට පොරොන්දු වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 431.3ක් වන අතර ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 320ක් ලබාදීමට ප්‍රතිඥා ලබාදී තිබෙනවා.
ඊට අමතරව ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 220.5ක ආධාර පොරොන්දු වී ඇති අතර, චීනය ඩොලර් මිලියන 58ක් සහ යුරෝපීය ජාත්‍යන්තර බැංකුව ඩොලර් මිලියන 53.4ක් ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර ලෙස ලබාදීමට ප්‍රතිඥා දී ඇති බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ විදේශීය රටවල් සහ ආයතන ශ්‍රී ලංකාවට ලබාදීමට පොරොන්දු වී ඇති මුළු සංවර්ධන ආධාර මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1187.2ක් වන අතර ඉන් ඩොලර් මිලියන 167ක් ප්‍රදානයන් වනවා.